Indian Premier League

උණ්ඩ 49ක් සමඟ අයෙක් අත්අඩංගුවට

T-56 වර්ගයේ ගිනි අවි සඳහා යොදන පතරොම් 48ක් සමඟ සැකකරුවෙකු මාතර, මිදිගම ප්‍රදේශයේ දී අත්අ අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එම කාර්යාංශය මගින් රඳවා තබා ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත සැකකරු හා පතුරම් තොගය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු සතුව තිබී 84 එස් අවි සඳහා භාවිත කරන පතුරමක් ද සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනුණු 33 හැවිරිදි සැකකරු මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?