Empty Ad
AFC Banner
Empty Ad

උඩ යන සියල්ල අස්සේ බත්, කොත්තු සහ කිරි තේ මිලත් ඉහළට

ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත් පැකට්ටුවක්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ගෘහස්ථ ගෑස් මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමනු ලැබුවා.ඒ අනුව එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කර ඇත්තේ රුපියල් 1257කින්.

එම ගෑස් සිලින්ඩරයක නව මිල සටහන් වන්නේ රුපියල් 2750ක් ලෙසයි. එසේම කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින් ද කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින් වැඩි කර ඇති බව එම සමාගම සඳහන් කළා.

ඒ අනුව කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,101 ක් වන අතර, කිලෝග්‍රෑම් 2.5 හේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 520 ක් ලෙස සටහන් වනවා.

එමෙන්ම ලාෆ් සමාගම කිලෝග්‍රෑම් 12.5 හේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984 කින් ඉහළ නංවනු ලැබුවා.ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ 2,840 ක් ලෙසයි.

එසේම කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 393 කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 1,136 ක් ලෙස සටහන් වනවා.

මේ අතර තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ගණන්ද ඉහළ දැමීමට සමාගම් තීරණය කර තිබෙනවා.

සෙරන්ඩිබ් පිටි සමාගමෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තිරිඟු පිටි කිලෝවක මිල අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?