spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩරට මාර්ගය දුම්රිය පීලිපැනීමක් (ඡායාරූප)

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද (23) උදෑසන තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර 118 ¼ සැතපුම් කණුව අසල පීලිපැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

දුම්රියේ එක් භාණ්ඩ ප්‍රවාහන මැදිරියක් පීලිපැන ඇති අතර, එය පීලිගත කරන තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය වන සීමාවනවා.

ඒ, අනුව කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනයවන දුම්රිය තලවකැලේ සහ හැටන් දුම්රිය ස්ථාන දක්වාත්, බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වාත් සීමා කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?