ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානියා තනතුර හැරයයි

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් අහරොන් හලීවා ඉල්ලා අස්වී තිබෙනවා.

වෙදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා අද (22) එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බවයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් ප්‍රහාරය ඔහුගේ මෙම ඉල්ලා අස්වීමට ප්‍රධානතම හේතු සාධකය වී ඇති බවයි වාර්තා වුණේ.

ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශවල අසාර්ථකත්වය හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වූ බවට දිගින් දිගටම එල්ල වූ චෝදනා, මේජර් ජනරාල් අහරොන් හලීවාගේ මෙම ඉල්ලා අස්වීමේ තීරණයට හේතු වී තිබෙනවා.

“මගේ අණ යටතේ ඇති බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය අපට භාර දුන් කාර්යයට අනුකූලව කටයුතු කළේ නැත. එදා ඉඳන් දවසින් දවස, රෑට රෑට මාව ඒ කළු දවසට එක්කගෙන යනවා. මම ඒ වේදනාව සදහටම මා සමඟ රැගෙන යන්නෙමි.”යනුවෙන් මේජර් ජනරාල් හැලිවා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇති බව සඳහන්.

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉල්ලා අස්වූ පළමු උසස් නිලධාරියා වන්නේ ද මේජර් ජනරාල් අහරොන් හලීවා යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40