දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාග කිරීම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දෙවන දිනටත් ආරම්භ වුණා.
ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, මාධ්‍යවේදී මලින්ද සෙනෙවිරත්න, මීඩියා ලෝ ෆොරම් ඇතුළු පාර්ශව පහළොවක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම්කරවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.
ඒ අනුව අදාල පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා තිබෙනවා.













