spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානියා තනතුර හැරයයි

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් අහරොන් හලීවා ඉල්ලා අස්වී තිබෙනවා.

වෙදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා අද (22) එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බවයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් ප්‍රහාරය ඔහුගේ මෙම ඉල්ලා අස්වීමට ප්‍රධානතම හේතු සාධකය වී ඇති බවයි වාර්තා වුණේ.

ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශවල අසාර්ථකත්වය හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වූ බවට දිගින් දිගටම එල්ල වූ චෝදනා, මේජර් ජනරාල් අහරොන් හලීවාගේ මෙම ඉල්ලා අස්වීමේ තීරණයට හේතු වී තිබෙනවා.

“මගේ අණ යටතේ ඇති බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය අපට භාර දුන් කාර්යයට අනුකූලව කටයුතු කළේ නැත. එදා ඉඳන් දවසින් දවස, රෑට රෑට මාව ඒ කළු දවසට එක්කගෙන යනවා. මම වේදනාව සදහටම මා සමඟ රැගෙන යන්නෙමි.”යනුවෙන් මේජර් ජනරාල් හැලිවා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇති බව සඳහන්.

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉල්ලා අස්වූ පළමු උසස් නිලධාරියා වන්නේ ද මේජර් ජනරාල් අහරොන් හලීවා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?