කංජිපානි ඉම්රාන්ගේ සැලසුමක් පොලිසියට මාට්ටු වෙයි ?

මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සංවිධානත්මක අපරාධ කල්ලියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලිසියට හැකිව තිබෙනවා.

පොලිස් ස්ථානයට වෙත ලැබුණු තොරතුරක් මත කොළඹ, කොටුව ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකරු ඔහු තබාගෙන සිටි මෙම ගිනි අවි දෙක පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම හුණුපිටිය, සීවලී මාවතේ පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේ දී දේශිය සහ විදේශීය නිෂ්පාදිත ගිනිඅවි දෙවර්ගය සදහාම යොදන උණ්ඩ කිහිපයක් ද පොලිසියට සොයාගැනීමට හැකිව තිබෙනවා.

සැකකරු පවසන පරිදි මෙම ගිවිඅවි ඉදිරියේ දී අවශ්‍ය කරන බවට පවසා, නිශාන්තන් නැමති අයෙක් විසින් ඔහුට ලබා දී ඇති අතර, වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ නිශාන්තන් නැමැත්තා, සංවිධානාත්මක අපරධ කල්ලි නායකයින් වන කංජිපානි ඉම්රාන් සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෙක් බවයි.

පොලිසිය විසින් සිදු කරනු ලැබූ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නිශාන්තන් නැමැත්තා ද දෙමටගොඩ ප්‍රදේශයේ දී ඊයේ (03) දිනයේ අත්තඩංගුවට ගෙන තිබුණා.

මෙම ගිනි අවි සහ යම් කිසි අපරාධයකට යොදා ගැනීමට සැලසුම් කර තිබුණාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39