spot_imgspot_img
spot_img

ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුම ගැන සභාව කල් තැබීමේ විවාදය හෙට

ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුමට සාමකාමී විසදුමක් සදහා ක්ෂණික මැදිහත්වීමක් සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් සභාව කල් තැබීමේ විවාදය හෙට (20) පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

මේ අනුව හෙට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීමකින් තොරව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා විවාදය පැවැත්වීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පොදු එකඟතාවයකින් ගෙනෙන යෝජනාවක් ලෙස විවාදය පැවැත්වීමට නියමිතව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යෝජනාව ඉදිරිපත් කිරීමටත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විසින් එය ස්ථිර කිරීමටත් නියමිත බවයි මහලේකම්වරිය කියාසිටියේ.

ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුමට කඩිනම් සටන් විරාමයක්ද ප්‍රකාශයට පත් කරන මෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇතිවී තිබෙන යුද ගැටුම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කරමින් වර්ධනය වෙමින් ඇති හෙයින් ද දහස් ගණනක් ජනතාව මිය ගොස් ලක්ෂ ගණනක් ජනතාව තුවාල ලබා අවතැන් වීම, විශාල ශ්‍රී ලංකිකයන් පිරිසක් මැද පෙරදිග සේවය කිරීම, ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ආර්ථික අහිතකර තත්ත්වයන් ඇතිවීම යනාදී කරුණු හේතුකොට ගෙන මෙම ඉල්ලීම සිදු කරමින් විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

තවද හෙට දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබූ සමාගම් පනත යටතේ අංක 2323/41 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සහ මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනත යටතේ අංක 2294/54 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනය සහ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව අංක 2354/08 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති ප්‍රකාශනය ද පෙරවරු 9.30ට පමණ විවාදයකින් තොරව අනුමත කරගැනීමට ද මෙහිදී එකඟත්වය පළ වූ බවයි මහලේකම්වරිය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?