ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුම ගැන සභාව කල් තැබීමේ විවාදය හෙට

ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුමට සාමකාමී විසදුමක් සදහා ක්ෂණික මැදිහත්වීමක් සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින් සභාව කල් තැබීමේ විවාදය හෙට (20) පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

මේ අනුව හෙට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීමකින් තොරව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා විවාදය පැවැත්වීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පොදු එකඟතාවයකින් ගෙනෙන යෝජනාවක් ලෙස විවාදය පැවැත්වීමට නියමිතව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යෝජනාව ඉදිරිපත් කිරීමටත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විසින් එය ස්ථිර කිරීමටත් නියමිත බවයි මහලේකම්වරිය කියාසිටියේ.

ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුමට කඩිනම් සටන් විරාමයක්ද ප්‍රකාශයට පත් කරන මෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇතිවී තිබෙන යුද ගැටුම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කරමින් වර්ධනය වෙමින් ඇති හෙයින් ද දහස් ගණනක් ජනතාව මිය ගොස් ලක්ෂ ගණනක් ජනතාව තුවාල ලබා අවතැන් වීම, විශාල ශ්‍රී ලංකිකයන් පිරිසක් මැද පෙරදිග සේවය කිරීම, ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ආර්ථික අහිතකර තත්ත්වයන් ඇතිවීම යනාදී කරුණු හේතුකොට ගෙන මෙම ඉල්ලීම සිදු කරමින් විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

තවද හෙට දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබූ සමාගම් පනත යටතේ අංක 2323/41 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සහ මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනත යටතේ අංක 2294/54 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනය සහ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව අංක 2354/08 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති ප්‍රකාශනය ද පෙරවරු 9.30ට පමණ විවාදයකින් තොරව අනුමත කරගැනීමට ද මෙහිදී එකඟත්වය පළ වූ බවයි මහලේකම්වරිය ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04