ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාරයකින් සරණාගත කඳවුරක 50ක් මරුට

ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයෙහි තිබූ සරණාගත කඳවුරක සිටි පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගාසා තීරයේ ‍රෝහල් ප්‍රධානියා අල් ජසීරා පුවත් සේවයට මේ බව තහවුරු කර ඇති බවයි රොයිටර්ස් වාර්තා කරනවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙ ඊශ්‍රායලය කියා සිටියේ; ගාසා තීරයට යටින් ඇති හමාස් සටන්කාමීන්ගේ දැවැන්ත උමං ජාලය විනාශ කිරීමේ අරමුණින් මෙම ප්‍රහාර දියත් කරන බවයි.

එම අවස්ථාවේ දී සරණාගත කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බවත් ඔවුන් සඳහන් කර ඇති අතර; ඉන් පලස්තීනුවන් 50කට අධික සංඛ්‍යාවක් මියයන්නට ඇතැයි ද තමන් විශ්වාස කරන බව ද සඳහන් කරනවා.

ගාසා තීරයේ හමාස් පාලනය කුඩා කුඩා කේන්ද්‍රීය ස්ථාන හි පවතින පලස්තීන භූමි වෙතට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර දරුණු බවත්, කිසිලෙසකින් හෝ මෙම සටන නොනවත්වන බවටත් ඊශ්‍රායලය අවධාරණය කර තිබෙනවා.

ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යා බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ; සටන නවත්වන ලෙසට තමන්ට ජාත්‍යන්තරයෙන් පවා ඉල්ලීම් සිදු කර තිබුණ ද, ඊට ඇහුම්කන් දීමට හැකියාවක් නොමැති බවයි.

නමුත් එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් සහන ආධාර නිලධාරීන් අනතුරු ඇඟවූයේ ගාසා තීරයේ මහජන සෞඛ්‍ය ව්‍යසනයක් සිවිල් වැසියන් ගිල ගනිමින් සිටින බවත්, රෝහල්වල වැඩිවන මරණවලට මුහුණදීමට
අහිංසක ජීවිත සමගින් පොරබදමින් සිටින බවත්; එබැවින් යුද්ධය සමථයකට පත් කිරීම වැදගත් වනු ඇති බවයි.

ගාසා හි ඉන්දුනීසියානු රෝහලේ අධ්‍යක්ෂ අල් ජසීරාට පැවසුවේ උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරේ ජනාකීර්ණ ප්‍රදේශයකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 50කට වැඩි පිරිසක් මිය ගොස් 150කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
08:05:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට හොඳම එකෙන් පාඩම් කියලා දෙයි - තොරතුරු වසන් කරපු අය ආණ්ඩුවේ Best Friends
09:18
Video thumbnail
භෞතික චිකිත්සකවරිය ඝා#නයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි - දරුවත් අරගෙන බස් එකට නගින හැටි
01:16
Video thumbnail
සරත් ෆොන්සේකාගේ නිල නිවසේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කළා - වටගල ගැම්මට කිව්ව කතාව
03:59
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24