ඊලෝන් මස්ක්ගෙන් ලංකාවටම ඉන්ටර්නෙට් ගන්න සැලස්මක්

ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එය මෙරට ආර්ථීකයේ සංවර්ධනයට විශාල දායකත්වයක් වන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන පවසනවා.

“Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම හරහා මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවන බවත්, එය සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථිකයට වැඩදායී ක්ෂේත්‍ර රැසක වර්ධනයට රුකුලක් වන බවත් ඔහු පෙන්වා දෙනවා.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මේ බව සඳහන් කර සිටියේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජේවර්ධන,

10 වන ලෝක ජල සමුළුව “World Water Forum” පසුගිය 18 වනදා සිට 20 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දූපතේ දී පැවැත්වුණා. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් ඊට සහභාගී වුණා. එම සංචාරයේ දී ජනාධිපතිවරයා සහ ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් මහතා අතර විශේෂ හමුවක් පැවැත්වුණා.
එහිදී “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එම ව්‍යාපෘතිය ලංකාවේ ආරම්භ කිරීමට නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහාය අවශ්‍ය බව එහිදී ඊලෝන් මස්ක් මහතා පැවසුවා.එවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මෙම වසර අවසානයේ දී ලංකාවට පැමිණෙන බව ද ඊලෝන් මස්ක් මහතා සඳහන් කළා. සැබැවින්ම ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එමඟින් මෙරට ආර්ථීක සංවර්ධනයට විශාල දායකත්වයක් ලැබෙනවා.එවැනි ව්‍යාපෘතියක් මෙරට ආරම්භ කිරීම තුළින් මුළු ලෝකයටම ශ්‍රී ලංකාව විවෘත වන බවට පණිවිඩයක් නිකුත් වෙනවා. එමඟින් ලෝකයේ සිටින කෝටිපති ව්‍යාපාරිකයන් මෙරටට පැමිණීමේ ඉඩක් සැලසෙන බව ද සඳහන් කළ යුතුයි.
ඒ, වගේම “Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම හරහා මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවනවා. එය සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථිකයට වැඩදායී ක්ෂේත්‍ර රැසක වර්ධනයට රැකුලක් වන බව ද සඳහන් කළ යුතුයි. එමෙන්ම පාසැල් සිසුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද පහසු ගෙවීමේ ක්‍රම යටතේ අන්තර්ජාල පහසුකම ලබාදීම පිළිබඳව ද ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. එමෙන්ම ඉදිරියේ දී SpaceX සමඟ ද සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා.
“Starlink” ව්‍යාපෘතිය මේ වන විට ලෝකයේ රටවල් 99කට පමණ ව්‍යාප්තව තිබෙනවා. මාලදිවයින සහ ඉන්දුනීසියාව වැනි රටවල් ද මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.විදෙස් ආයෝජනයක් මෙරටට පැමිණෙන විට ඊට විරෝධය පළකිරීම ලංකා දේශපාලනයේ පුරුද්දක් වී තිබෙනවා. යම් අයෙකු යම් කාර්යයක් සාර්ථකව සිදුකරන විට ඊට අකුල් හෙළීමත්, කකුලෙන් ඇදීමත් දේශපාලනයේ දී නිතර සිදු වනවා. නමුත් මෙවැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ආයෝජකයන් ලෙස මෙරටට කැඳවීමට ජනතාව විරුද්ධ නොවන බව මම විශ්වාස කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39