ඊයේ (28) රාත්රී රත්ගම පොලිස් වසමේ කටුපොල්කෑල්ල ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට කැලෑබද ප්රදේශයක සැඟව සිටි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
T56 වර්ගයේ ගිනි අවියක් මෙම වෙඩි තැබීමට යොදාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙලෙස වෙඩි ප්රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 32ක් වන මාවඩවිලගේ මලිදු ප්රසන්න මෙන්ඩිස් නැමැති රත්ගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්රථිකාර සඳහා රත්ගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රථිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ප්රහාරයෙන් ඔහුගේ වම් පාදයේ දණහිසට පහළින් වෙඩි උණ්ඩ තුනක් පමණ වැදී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













