Wednesday, December 4, 2024
Empty Ad
AFC Banner

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වූ ගමන් බිමන්

පළාතෙන් පළාතට ඥාතීන් බැලීම සඳහා බැලීම සඳහා,ආගමික කටයුතු සඳහා ,විනෝද චාරිකා සඳහා සිදුකෙරෙන චාරිකා,සති අන්ත නිවාඩු ගත කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් සිදු කෙරෙන චාරිකා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු සපුරා තහනම් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පවසනවා.

මේ වන විට දිවයින පුරා සිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් -19 වසංගත රෝග තත්ත්වය මර්දනය කිරීම සඳහා පළාත් අතර සංචරණ සීමා පනවා ඇති බවත් කිසිදු විශේෂ හේතුවක් නොමැතිව පළාතෙන් පළාතට ගමන්කරන පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳව පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

සෑම පළාත් සීමාවක් ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති විශේෂ ආරක්ෂක මුර කපොලුවල පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඒකාබද්ධව සේවයේ යෙදවෙන බවත් සියලු රථවාහන පරික්ෂා කිරීමේ කටයුතුවල නිරත වන ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම මේ ව්‍යසනකාරී අවස්ථාවේ සමස්ත රටවැසියන්ගේ යුතුකම බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබන 30 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි පනවා ඇති කොවිඩ්-19 නව මාර්ගඋපදේශ මාලාව අනුව පෙර පාසල්,දිවා සුරකුම් මධ්‍යස්ථාන,පාසල්,උපකාරක පන්ති,ගෘහස්ථ ක්‍රීඩා ශාලා,ව්‍යායාම් මධ්‍යස්ථාන වසා දැමිය යුතු බවට නිර්දේශ කර තිබෙනවා.

මීට අමතරව මහජනතාව පොදු වශයෙන් රැස් වන වෙරළ තීරයන්,ක්‍රීඩාංගන ආදියත් වසා තැබීමටයි මෙම සෞඛ්‍ය උපදේශන මාලාවෙන් නිර්දේශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය 2024- 12 - 04
08:31:51
Video thumbnail
නාමල් රාජපක්ෂ රට යවන්න සල්ලි ගන්නවා ? - පොලිසියට පැමිණිල්ලක්
02:54
Video thumbnail
🛑Breaking News ‍| අම්බුලුවාවේ මහා මංකොල්ලයේ අලුත්ම හෙළිදරව්ව එළියට
05:49
Video thumbnail
එළවළු මිල එකකට එකක් වැඩී - තඹුත්තේගම මිනිස්සු කියන කතාව
06:18
Video thumbnail
ලංකා බැංකුව 1990 සුව සැරිය වෙත ගිලන් රථයක් ලබා දෙයි
01:59
Video thumbnail
නාමල් කරපු ඇඟ හිරි වැටෙන කතාවට ආණ්ඩුවත් හෙල්ලෙයි
17:08
Video thumbnail
ජනපති සහ තමිල් අරුසු කච්චි පක්ෂය අතර සාකච්ඡාවක් -"ජාතිවාදය අවුස්සන පොඩි පොඩි කොල්ලෝ ෆෝම් කරන්න එපා"
03:53
Video thumbnail
හඳුන්නෙත්ති කරපු කතාවට හැමෝම අන්දුන් කුන්දුන් වෙයි
18:22
Video thumbnail
තව පරක්කු කළොත් පොහොර සහනාධාරය දීලා වැඩකුත් නෑ
01:56
Video thumbnail
මාලිමා නවක මන්ත්‍රී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
06:27

?