ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වූ ගමන් බිමන්

පළාතෙන් පළාතට ඥාතීන් බැලීම සඳහා බැලීම සඳහා,ආගමික කටයුතු සඳහා ,විනෝද චාරිකා සඳහා සිදුකෙරෙන චාරිකා,සති අන්ත නිවාඩු ගත කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් සිදු කෙරෙන චාරිකා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු සපුරා තහනම් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පවසනවා.

මේ වන විට දිවයින පුරා සිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් -19 වසංගත රෝග තත්ත්වය මර්දනය කිරීම සඳහා පළාත් අතර සංචරණ සීමා පනවා ඇති බවත් කිසිදු විශේෂ හේතුවක් නොමැතිව පළාතෙන් පළාතට ගමන්කරන පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳව පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

සෑම පළාත් සීමාවක් ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති විශේෂ ආරක්ෂක මුර කපොලුවල පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඒකාබද්ධව සේවයේ යෙදවෙන බවත් සියලු රථවාහන පරික්ෂා කිරීමේ කටයුතුවල නිරත වන ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම මේ ව්‍යසනකාරී අවස්ථාවේ සමස්ත රටවැසියන්ගේ යුතුකම බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබන 30 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි පනවා ඇති කොවිඩ්-19 නව මාර්ගඋපදේශ මාලාව අනුව පෙර පාසල්,දිවා සුරකුම් මධ්‍යස්ථාන,පාසල්,උපකාරක පන්ති,ගෘහස්ථ ක්‍රීඩා ශාලා,ව්‍යායාම් මධ්‍යස්ථාන වසා දැමිය යුතු බවට නිර්දේශ කර තිබෙනවා.

මීට අමතරව මහජනතාව පොදු වශයෙන් රැස් වන වෙරළ තීරයන්,ක්‍රීඩාංගන ආදියත් වසා තැබීමටයි මෙම සෞඛ්‍ය උපදේශන මාලාවෙන් නිර්දේශ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14