ඉෂාරා සොයා මතුගම – රන්නගල පීරයි (වීඩියෝ)

ගනේමුල්ල සංජීව ඝාතනයට අනුබල දී ආධාර කිරීමේ චෝදනා ලබා ඇති ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ව සොයා පොලිස් විශේෂ කාර්‍යය බලකාය සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම් කිහිපයක් එක් ව මතුගම – රන්නගල ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මේ සඳහා පුහුණු නිල සුනඛයින් යොදා ගෙන ඇති බවයි.

පසුගිය 19 වැනි දින කොළඹ – අලුත්කඩේ අංක 05 දරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සිටි ගනේමුල්ල සංජීව නමැත්තාව නීතිඥවරයෙකුගේ වෙස් ගත් අයෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

එම වෙඩික්කරුට කඩුවෙල ප්‍රදේශයේ දී වෙඩි තැබීම සඳහා අවශ්‍ය ගිනි අවිය ලබා දී ඇත්තේ මේ වනවිට අතුරුදන් ව සිටින කාන්තාව විසින් බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

අදාළ කාන්තාව මෙරටින් පලා ගොස් නොමැති බවත් ඇය මතුගම ප්‍රදේශයේ වෙස්වලාගෙන සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් වාර්තා වනවා.

ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් දැනුවත් වී සිටීමේ චෝදනා මත සැකකාරිණියගේ මව සහ සොහොයුරා ද රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17