ඉරානය, ඊශ්‍රායලයෙන් පළිගනී – දැවැන්ත ඩ්‍රෝන සහ කෲස් මිසයිල ප්‍රහාරක්

මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගනිමින් ඉරානය, ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඊයේ (13) රාත්‍රී ඊශ්‍රායලයේ හඳුනාගත් ස්ථානවලට ඉරානය විසින් ඩ්‍රෝන සහ කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉරානය විසින් ඊශ්‍රායලයට මෙලෙස ප්‍රහාර එක්ක කරන අවස්ථාවේ දී ඊශ්‍රායලයේ අසල්වැසි රාජ්‍යක්වන ජෝර්දානය එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබුණා.

ඒ සමඟ ගුවන් කලාපය වසා දැමීමට ද ජෝර්දානය තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

මේ අතර ඊශ්‍රායලය පවසන්නේ ඉරානය විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා සහ මිසයිල 200 කට වැඩි සංඛ්‍යාවකින් බහුතරයක් තමන් සහ එහි මිත්‍ර රටවල් විසින් උඩු ගුවනේදීම විනාශ කළ බවයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පවසන්නේ තම මිත්‍රයා සඳහා ඇමරිකානු සහාය “යකඩ ආවරණයක්” ඇති බවත්, “එන ඩ්‍රෝන යානා සහ මිසයිල සියල්ලම පාහේ බිම හෙළීමට” එක්සත් ජනපදය උදව්වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14