spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉරානය, ඊශ්‍රායලයෙන් පළිගනී – දැවැන්ත ඩ්‍රෝන සහ කෲස් මිසයිල ප්‍රහාරක්

මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගනිමින් ඉරානය, ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඊයේ (13) රාත්‍රී ඊශ්‍රායලයේ හඳුනාගත් ස්ථානවලට ඉරානය විසින් ඩ්‍රෝන සහ කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉරානය විසින් ඊශ්‍රායලයට මෙලෙස ප්‍රහාර එක්ක කරන අවස්ථාවේ දී ඊශ්‍රායලයේ අසල්වැසි රාජ්‍යක්වන ජෝර්දානය එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබුණා.

ඒ සමඟ ගුවන් කලාපය වසා දැමීමට ද ජෝර්දානය තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

මේ අතර ඊශ්‍රායලය පවසන්නේ ඉරානය විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා සහ මිසයිල 200 කට වැඩි සංඛ්‍යාවකින් බහුතරයක් තමන් සහ එහි මිත්‍ර රටවල් විසින් උඩු ගුවනේදීම විනාශ කළ බවයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පවසන්නේ තම මිත්‍රයා සඳහා ඇමරිකානු සහාය “යකඩ ආවරණයක්” ඇති බවත්, “එන ඩ්‍රෝන යානා සහ මිසයිල සියල්ලම පාහේ බිම හෙළීමට” එක්සත් ජනපදය උදව්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
5
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?