ඉරානයේ බලවත්ම හමුදාපතිවරයාගේ ලේලිය සහ මිණිබිරිය ඇමරිකාවේ දී අත්අඩංගුවට

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ, හිටපු අණදෙන නිලධාරී ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ ලේලිය සහ මිණිබිරිය අත්අඩංගුවට ගෙන ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ ලේලියවන හමිදේ සොලෙයිමානි අෆ්ෂාර් සහ ඇගේ දියණියගේ නීත්‍යානුකූල එක්සත් ජනපද ස්ථිර පදිංචිය පිළිබඳ තත්ත්වය රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් අවලංගු කරන ලද බව සෙනසුරාදා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

සමාජ මාධ්‍යවල පළ කළ සටහනක, රුබියෝ පැවසුවේ මෙම කාන්තාවන් දෙදෙනා එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) භාරයේ සිටින බවත්, රටින් ඉවත් කිරීමට නියමිත බවයි.

එමෙන්ම සොලෙයිමානි අෆ්ෂාර් සහ ඇගේ දියණිය “එක්සත් ජනපදයේ සුඛෝපභෝගී ලෙස ජීවත් වන හරිත කාඩ්පත් හිමියන්” බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

2015 දී සංචාරක වීසා බලපත්‍රයක් මත එක්සත් ජනපදයට ඇතුළු වූ පසු, සොලෙයිමානි අෆ්ෂාර්ට 2019 දී සරණාගතභාවය ලබාදී 2021 දී හරිත කාඩ්පත් හිමියෙකු බවට පත් වූ බවයි එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඉරානයේ බලවත්ම හමුදාපතිවරයා වූ ජෙනරාල් කාසෙම් සොලෙයිමානි 2020 දී එවකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත ඉරාකයේ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මිය ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56