spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල ගණන් සංශෝධනය වෙයි

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ, අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20.00කින් මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 366.00ක්.

මීට අමතරව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38.00කින් මිල ඉහළ දමා ඇති අතර, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 29.00කින් ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක් මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 41.00කින්.

අද (01) උදෑසන 5.00 සිට මෙම මිල ගණන් සංශෝධනය ක්‍රියාත්මකයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 366.00
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 464.00
සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 358.00
සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 475.00

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
15
+1
0
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?