ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චරිතයක් ශ්‍රී ලංකාවේ සංචාරයක

හින්දි සිනමාවේ බොහෝ චිත්‍රපටවල දුෂ්ඨ චරිත සඳහා ප්‍රසිද්ධ ඉන්දීය නළු අශිෂ් විද්‍යර්ති නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරය ‘Let’s Lanka’ ලෙස හඳුන්වමින්, Ashish Vidyarthi, ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව සමාජ මාධ්‍යවල වීඩියෝ පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සුන්දර රටක් ලෙස විස්තර කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසටයි ජනප්‍රිය නළුවා සිය රසිකයන්ට සහ හිතවතුන්ට ආරාධනා කළේ.

සීගිරිය මහියංගණය ඇතුලු ප්‍රදේශ රැසක සංචාරයේ නිරතව ඇති ජනප්‍රිය රංගන ශිල්පියා සිය හිතවතුන්ට මෙන්ම ඉන්දීය ජනතාවට දැනුම්දෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසටයි.

නැරඹීමට ඉතා වැදගත් ස්ථාන ඇති අතර මාර්ග පද්ධතිය ද ඉතා හොඳින් පවතින බව ඔහු සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ විකාශය කළ සජීවී වීඩියෝ මගින් ප්‍රකාශකර තිබෙනවා.

දින 8ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත Ashish Vidyarthi ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශණය දිනා ගත් ප්‍රදේශ රැසකට ගමන් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
26
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?