ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චරිතයක් ශ්‍රී ලංකාවේ සංචාරයක

හින්දි සිනමාවේ බොහෝ චිත්‍රපටවල දුෂ්ඨ චරිත සඳහා ප්‍රසිද්ධ ඉන්දීය නළු අශිෂ් විද්‍යර්ති නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරය ‘Let’s Lanka’ ලෙස හඳුන්වමින්, Ashish Vidyarthi, ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව සමාජ මාධ්‍යවල වීඩියෝ පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සුන්දර රටක් ලෙස විස්තර කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසටයි ජනප්‍රිය නළුවා සිය රසිකයන්ට සහ හිතවතුන්ට ආරාධනා කළේ.

සීගිරිය මහියංගණය ඇතුලු ප්‍රදේශ රැසක සංචාරයේ නිරතව ඇති ජනප්‍රිය රංගන ශිල්පියා සිය හිතවතුන්ට මෙන්ම ඉන්දීය ජනතාවට දැනුම්දෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසටයි.

නැරඹීමට ඉතා වැදගත් ස්ථාන ඇති අතර මාර්ග පද්ධතිය ද ඉතා හොඳින් පවතින බව ඔහු සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ විකාශය කළ සජීවී වීඩියෝ මගින් ප්‍රකාශකර තිබෙනවා.

දින 8ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත Ashish Vidyarthi ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශණය දිනා ගත් ප්‍රදේශ රැසකට ගමන් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37