ඉන්දීය රජය කාශ්මීර හින්දු ජන සංහාර පිළිබඳ නඩු නැවත කැඳවයි – තීරණයට ගෝලීය කාශ්මීරි පණ්ඩිත් ඩයස්පෝරාවේ ප්‍රසාදය

1989-90 දක්වා කාශ්මීරයේ සිදු වූ හින්දු ජන සංහාරයට අදාළ සිද්ධීන්වල නඩු නැවත විවෘත කිරීමට ඉන්දීය රජය ගත් තීරණයට ගෝලීය කාශ්මීරි පණ්ඩිත් ඩයස්පෝරාව ප්‍රසාදය පළ කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එය කාශ්මීරි පණ්ඩිත් ජන සංහාරය සම්පූර්ණයෙන් හඳුනා ගැනීම සඳහා වන නිවැරදි දිශානතියේ ඓතිහාසික පියවරක් ලෙසයි.

වසර 34 කට පෙර සිය ප්‍රජාවට එරෙහිව මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය සහ භීෂණයේ සංහාරය නිසා තම මුතුන් මිත්තන් මව්බිමෙන් වාර්ගික වශයෙන් ඉවත් වූ බව ගෝලීය කාශ්මීරි පණ්ඩිත් ඩයස්පෝරාව පවසනවා.

විනිසුරු නීල් කාන්ත් ගන්ජූ, පණ්ඩිත් ටිකා ලාල් ටැප්ලූ, පණ්ඩිත් සර්වානන්ද් කෞල් ප්‍රේමි, පණ්ඩිත් ලස්සා කෞල් සහ විනිසුරු පී.එන්. භාට් ඇතුළු කිහිපදෙනෙකුම ඝාතනයට ලක් වූ ප්‍රාඥයින් අතර වනවා.

සමස්තයක් වශයෙන්,කාශ්මීරි පණ්ඩිත් ප්‍රජාවේ සාමාජිකයින් 1,400කට අධික සංඛ්‍යාවක් ප්‍රාණ පරිත්‍යාග කරන ලද අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට එක රැයකින් පාහේ නිවාස අහිමි වුණා.

එහෙත් ගැටලුව වූයේ අද වනතුරුත් මෙම ඝාතන සම්බන්ධයෙන් කිසිවකුට නඩු විභාගයක් හෝ පවත්වා නොමැති වීමයි.

බොහෝ සිදුවීම්වලට අදාළ පළමු තොරතුරු වාර්තාව (FIR) පවා ගොනු කර නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.

ගෝලීය කාශ්මීරි පණ්ඩිත් ඩයස්පෝරාව පසුගිය වසර 34 තුළ සිදුකළ ප්‍රධාන ඉල්ලීම්වලින් එකක් වූයේ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂපාතී වීම සහ ඔවුන්ගේ ඇදහිල්ල නිසා මරා දැමූ සිය ප්‍රජාවට යුක්තිය ඉටු කිරීමයි.

මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත ප්‍රවේශ වීමට පසුගිය වසර කිහිපය තුළ වෙහෙස නොබලා කටයුතු කළ ද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ගෝලීය කාශ්මීරි පණ්ඩිත් ඩයස්පෝරාව පෙන්වා දෙනවා.

ඒ අනුව කාශ්මීර පණ්ඩිතයන්ට එරෙහි ත්‍රස්තවාදය සම්බන්ධ නඩු ඵලදායී ලෙස විමර්ශනය කිරීමට සහ මධ්‍යම ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීමට රාජ්‍ය විමර්ශන ඒජන්සිය වෙත යොමු කිරීම සඳහා වූ ඉන්දීය රජයේ නිවේදනය තම ප්‍රජාවගේ දීර්ඝ කාලීන ඉවසීම සඳහා ලබා දුන් දිගු ගමනක් යන ක්‍රියාවලියක ආරම්භය සනිටුහන් කරන බව ඔවුන්ගේ අදහසයි.

මෙම ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් තනි පුද්ගල අපරාධකරුවන්ගේ මට්ටමින් මෙන්ම දේශීය හෝ විදේශීය වුවද මහ මොළකාර කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව කඩිනමින් ක්‍රියාකාරීව නඩු පැවරීමේ ප්‍රගතිය තමන් අධීක්ෂණය කරන බව ද ගෝලීය කාශ්මීරි පණ්ඩිත් ඩයස්පෝරාව පවසනවා.

ජම්මු සහ කාශ්මීර ප්‍රාන්ත විමර්ශන ඒජන්සිය, කාශ්මීර පණ්ඩිත්වරයෙකු වූ විශ්‍රාමික විනිසුරු නීල්කාන්ත් ගන්ජූගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනය දශක තුනකට පමණ පසු පසුගියදා යළි ආරම්භ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම ඒජන්සිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම ඝාතනය පිටුපස ඇති විශාල කුමන්ත්‍රණය අනාවරණය කර ගැනීම සඳහා ඉදිරියට පැමිණ සිදුවීම් පිළිබඳ දන්නා තොරතුරු බෙදා ගන්නා ලෙසයි.

ඔවුන් පැවසුවේ නඩුවට සෘජු බලපෑමක් ඇති කළ හැකි ඕනෑම මඟ පෙන්වීමක් මත තමන් විශ්වාසය තබන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47