spot_imgspot_img
spot_img

ඉන්දීය යුද නෞකාවක් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Iravat’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (18) උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළ බවයි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Landing Ship Tank – Large (LST – L) වර්ගයට අයත් ‘INS Iravat’ යුද නෞකාව, දිගින් මීටර් 124.8ක් හා නැව් මුළුව 170ක ගෙන් සමත්විත වනවා. නෞකාවේ අණදෙන නිලධාරී, ‍කොමාණ්ඩර් රින්දු බාබු (Commander Rindu Babu) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර, නිල හමුවක් ද අද උදෑසන බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරුණා.

‘INS Iravat’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සහ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතයි.

මෙම ඉන්දීය නෞකාව හෙට (19) වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?