ඉන්දීය යුද නෞකාවක් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Iravat’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (18) උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළ බවයි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Landing Ship Tank – Large (LST – L) වර්ගයට අයත් ‘INS Iravat’ යුද නෞකාව, දිගින් මීටර් 124.8ක් හා නැව් මුළුව 170ක ගෙන් සමත්විත වනවා. නෞකාවේ අණදෙන නිලධාරී, ‍කොමාණ්ඩර් රින්දු බාබු (Commander Rindu Babu) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර, නිල හමුවක් ද අද උදෑසන බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරුණා.

‘INS Iravat’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සහ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතයි.

මෙම ඉන්දීය නෞකාව හෙට (19) වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56