Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට ඇතුල්වීම වැළැක්වීමට පියවර – සතොස හරහා මාළුත් විකිණෙයි?

ඉන්දීය ධීවරයින් නීතිවිරෝධී ව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසනවා.

එම අදහස් පළවූයේ ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

මේ අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ද එක්ව සිටියා.

ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින්ගේ ගැටලුව විසඳීම සඳහා තමිල්නාඩුව සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා කියා සිටියා.

ගැටුම් මාර්ගයෙන් තොරව මෙරට ධීවරයින්ට බලපා ඇති මෙම ගැටලුව සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර සතොස වෙළඳසැල් ජාලය ඔස්සේ මාළු අලෙවි කිරීම සඳහා ධීවර සහ වෙළඳ අමාත්‍යාංශ ඒකාබද්ධව වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?