spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය ධීවරයන් 17ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමග ඉන්දීය ධීවරයන් 17 දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කරන ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා නාවික හමුදාව ඊයේ (13) වන දින සවස් කාලයේ සිදු කළ මෙහෙයුමකදීයි මෙම ධීවරයන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

යාපනය, කකරතිව් දූපතට හා කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හි මෙම විශේෂ මෙහෙයුම සිදු කර තිබෙනවා.

උතුරු නාවික විධානය මඟින්, මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්‍ෂණය කර හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ යාත්‍රාවන් යොදවා එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කරනු ලැබුවා.

එහිදීයි යාපනය, කකරතිව් දූපතට හා කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ එහි සිටි ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

නාවික හමුදාව සඳහන් කළේ මෙම මෙහෙයුමත් සමඟ නාවික හමුදාව 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් ඉන්දීය ධීවර යාත්‍රා 17ක් සහ ධීවරයින් 110 දෙනෙක් තම භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?