ඉන්දීය ධීවරයන් 17ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමග ඉන්දීය ධීවරයන් 17 දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කරන ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා නාවික හමුදාව ඊයේ (13) වන දින සවස් කාලයේ සිදු කළ මෙහෙයුමකදීයි මෙම ධීවරයන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

යාපනය, කකරතිව් දූපතට හා කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හි මෙම විශේෂ මෙහෙයුම සිදු කර තිබෙනවා.

උතුරු නාවික විධානය මඟින්, මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්‍ෂණය කර හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ යාත්‍රාවන් යොදවා එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කරනු ලැබුවා.

එහිදීයි යාපනය, කකරතිව් දූපතට හා කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ එහි සිටි ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

නාවික හමුදාව සඳහන් කළේ මෙම මෙහෙයුමත් සමඟ නාවික හමුදාව 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් ඉන්දීය ධීවර යාත්‍රා 17ක් සහ ධීවරයින් 110 දෙනෙක් තම භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56