ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බුදුදහමින් බැඳුණු සබඳතා යළි සිහිපත් කෙරේ

දින පහක අධ්‍යාත්මික සංචාරයක් ලෙස ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් බුද්ධගයාවේ වන්දනා චාරිකාවක නිරත වී තිබෙනවා.

එහිදී සමුද්‍රීය අසල්වැසියන් වන ඉන්දු ශ්‍රී ලංකා අතීත සබඳතා ද සිහිපත් කරමින් දේශන පැවැත්වීම විශේෂත්වයක්.

“ලංකාවට බුදුදහම හඳුන්වා දුන්නේ අශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ බව අපි දන්නවා.එදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම බුදුදහමයි” යනුවෙන් අස්ගිරි පාර්ශ්වය නියෝජනය කරමින් සංචාරයට එක් වූ පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් සඳහන් කළා.

“බුදු දහම පමණක් නොව, විශේෂයෙන් අපගේ අධ්‍යාපනය සහ වෙනත් ශිල්පීය ක්‍රම ද ඇතුළු බොහෝ දේ අපට හිමි වුණේ ඉන්දියාවෙන්. අපි ඉන්දියාවට බෞද්ධ මාතෘ භූමිය ලෙසත්, ශ්‍රී ලංකාවේ අපගේ වැඩිමහල් සහෝදරයා ලෙසත් සැමවිටම ගරු කරනවා. මන්ද ඉන්දියාව සැමවිටම අපට උදව් කළ නිසා,”යැයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ කීර්තිමත් විහාරස්ථාන නියෝජනය කරමින් මෙම සංචාරයට එක්වූ බෞද්ධ සංඝයා වහන්සේ බුද්ධගයාවේ දී ශුද්ධෝත්තම දලයිලාමා තුමාගේ තෙදින ඉගැන්වීම්වලට ද සහභාගි වී තිබුණා.

මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානායක ස්වාමින් වහන්සේ ද අශෝක අධිරාජ්‍යයාගේ පාලන සමයේදී බුදුදහම ව්‍යාප්ත වූ ආකාරය ඇතුළු දෙරට අතර අතීත සබඳතා සිහිපත් කළා.

“බෞද්ධ දර්ශනය ඉපදුනේ භාරතයේ, බුදුන් වැඩ සිටියේ ඉන්දියාවේ.ඉතිහාසය අනුව බුදුන් වහන්සේ එකම පිටරටකටයි වැඩම කළේ ,ඒ ශ්‍රී ලංකාවටයි. ලංකාවට තෙවරක් වැඩම කළා. අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ බෞද්ධ ධර්මදූතයින් එව්වා. ඔහුගේම පුතෙකු සහ දියණියක් ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන් බෞද්ධ පාලනය සහ සංස්කෘතිය ස්ථාපිත කළා .

එතැන් සිට අපි එකම සංස්කෘතිය හා සම්ප්‍රදාය බෙදාහදා ගනිමින් සිටිනවා .දැඅපි බෞද්ධ රටක් බවට පත්ව ඇත්තේ ඒ නිසා” යැයි උන්වහන්සේ ප්‍රකාශ කළා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමියෝ පැවසූවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙරට සමීප කරන සංස්කෘතිය සමාන එකක් බවයි.

“අපි බුදුදහම ආරක්ෂා කරන්නේ ශාසනය, ධර්මය, චාරිත්‍ර වාරිත්‍ර ඇතුළු සෑම දෙයකම නිර්මල පාරිශුද්ධත්වය එය නිසයි. ඒක තමයි අපේ උරුමය. මම හිතන්නේ එය භාරතීය මුතුන් මිත්තන්ගෙන් ලැබුණු දෙයක්. එහෙමත් නැතිනම් අපේ සිංහල භාෂාව  සංස්කෘත භාෂාවට ඉතා සමීපයි.ඇත්තටම අපි භාෂා දෙකටම ගරු කරනවා.අපේ ගුරුවරුන් අපට කිව්වේ අපේ මව් භාෂාව පාලි සහ සංස්කෘත යන දෙකම බව” යැයි විජිතසිරි අනුනායක හිමියන් සඳහන් කළා.

පූජ්‍ය මුරුද්දෙනිය ධම්මරතන හිමියන් පැවසුවේ ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව ඔවුන්ගේ පෙළපොත් තුළින් ඓතිහාසික වැදගත්කම දන්නා අතර බුදුදහම සහ එහි ඉගැන්වීම් පිළිබඳව ඉගෙන ගැනීමට ශ්‍රී ලංකාව සහ වෙනත් රටවලින් භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් ඉන්දියාවට පැමිණෙ බවයි.

“දැන් ශ්‍රී ලංකාවේ තරුණ භික්ෂූන් වහන්සේලා 18 නමක් ඉන්දියාවේ වැඩ සිටිනවා. ඔවුන් මාසයක් ඉන්දියාව පුරා සංචාරය කරමින් මෙහි වැඩම කරනවා. ශ්‍රී ලංකාවෙන් පමණක් නොව, තායිලන්තයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් සහ ටිබෙට් බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් සහ මියන්මාරයේ පිරිසක් මේ වන විට ඉන්දියාවේ සිටිනවා,” යැයි ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමිපාණන් වහන්සේ මෙහිදී පැවසුවා.

එවැනි සංචාරයන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමඟ පමණක් නොව අනෙකුත් අසල්වැසි රටවල් සමඟ  පැවැත්වීම තුළින් බෞද්ධ සබඳතාවල සන්ධිස්ථානයක්  ගොඩනැඟීමේ හැකියාව ද මෙහිදී සිහිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10