ඉන්දියාව පරාජය කිරීමට එංගලන්තයට තවත් ලකුණු 350ක් අවශ්‍යයි

සංචාරක ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (24) යි.

ඊයේ (23) දිනය ඉන්දියාව අවසන් කළේ සත්කාරක එංගලන්තයට ජයග්‍රහණය සඳහා දැවැන්ත ලකුණු 372ක ඉලක්කයක් නිර්මාණය කරමින්.

එංගලන්ත කණ්ඩායම දිනය අවසන් වන විට කිසිවෙකු නොදැවී ලකුණු 21ක් ලබාගෙන සිටියා.

ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 06ක් පළමු ඉනිමෙන් ඉදිරියෙන් සිටිමින් පිතිකරණය ඇරඹූ අතර, කේ.එල් රාහුල් සහ රිෂාබ් පාන්ට්ගේ විශිෂ්ට ශතක සමග කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ ගියා.

පාන්ට් ලකුණු 118කට දැවී ගිය අතර රාහුල් ලකුණු 137ක් ලබා ගත්තා.

එංගලන්තය වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී බ්‍රයිඩන් කාර්ස් සහ ජොෂ් ටන්ග් කඩුලු 03 බැගින් බිඳ හෙලූ අතර, ශොයිබ් බෂීර් කඩුලු දෙකක් බිඳ හෙලුවා.

ක්‍රිස් වෝර්ක්ස් සහ ස්ටොක්ස් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගය ජයග්‍රහණයට එංගලන්ත කණ්ඩායමට තවත් ලකුණු 350ක ඉලක්කයක් හිමි ව ඇති අතර මේ වනවිට (24) සැක් ක්‍රෝව්ලි සහ බෙන් ඩකට් පළමු කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00