Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දියාවේ ගංගා නදියේ පාවී එන කොවිඩ් සිරුරු අල්ලන්න දැවැන්ත දැළක් එළයි

පාවී එන මළ සිරුරු ග්‍රහණය කර ගැනීමට ගංගා නදිය හරහා විශාල දැළක් එළීමට ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම මළ සිරුරු බොහෝ දුරට කොවිඩ් 19 ආසාදනය වී මියගිය අයගේ බවට යි සැක කෙරෙන්නේ.

පසුගිය සඳුදා (10) සිට ඊයේ (13) දිනය තෙක් කාලය තුළ පමණක් ගංගා නදියේ පාවී ආ මළ සිරුරු 71ක් ගොඩ ගැනීමට බිහාර් බලධාරීන් සමත් වුණා.

එහෙත් එලෙස ගොඩ ගැනීමට නොහැකි වූ තවත් බොහෝ සිරුරු පහළ පෙදෙස් කරා පාවී යන බව පැවසෙනවා.

බිහාර් ප්‍රාන්තයේ බක්සාර් දිස්ත්‍රික්කයේ පිහිටි චෞසා නම් ප්‍රදේශයේ දී ගඟ හරහා දැළක් එළීම සිදු කෙරුණේ එයට පිළියමක් ලෙසයි.

මෙම මළ සිරුරු බිහාර් ප්‍රාන්තයේ අසල්වැසි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිට පාවී එන බවටයි සැක කෙරෙන්නේ.

එහෙත් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ඒ අනුව මළ සිරුරුවල අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ ද පැවැත්වෙනවා.

බොහෝ මළ සිරුරු විකෘති වී ඇති අතර එනිසා ඒවා හඳුනා ගැනීම අසීරු වී ඇතැයි වාර්තා වෙනවා.

මේ අතර මෙම මළ සිරුරු කොවඩ් 19 ආසාදනය වී මිය ගිය අයගේ බවට ඇති සැකය මත තවත් දහස් ගණනකට වෛරසය ආසාදනය වෙතැයි එරට සෞඛ්‍ය අංශ බිය පළ කරනවා.

මේ හේතුවෙන් ගංගා නදියේ ජලය භාවිත නොකරන ලෙසටයි සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ.

මළ සිරුරු සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවල වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් මෙම සිරුරු කොවිඩ් ආසාදිතදැයි නිෂ්චිතව තහවුරු කරගැනීමට බලධාරීන්ට හැකිව නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33

?