ඉන්දියාවේ අධිකරණයකින් ලැබුණු දඬුවම

2008 වසරේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවකට සම්බන්ධ පුද්ගලයන් 38 දෙනෙකුට ඉන්දියාවේ අධිකරණයක් මරණ දඬුවම නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගුජරාට් ප්‍රාන්තයේ වාණිජ අගනුවර වන අහමදාබාද්හි සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් පනස් හත් දෙනකු මිය ගිය අතර සිය ගණනක් තුවාල ලැබුවා.

අහමදාබාද්හි අධිකරණය තවත් වැරදිකරුවන් 11 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා

අහමදාබාද් බෝම්බ ප්‍රහාරයේ දී පුද්ගලයන් 78 දෙනෙකු නඩු විභාගයට මුහුණ දෙනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය පවසා තිබෙන්නේ

එක් විත්තිකරුවෙකු වන අයාස් සයීඩ් පසුව විමර්ශන ආයතනවලට උදව් කර ඇති බවත් ඉතිරි 28 දෙනා නිදොස් කොට නිදහස් කර ඇති බවත් සඳහන්

චූදිතයන්ට තම දඬුවම් පිළිබඳව ඉහළ අධිකරණයකදී අභියෝගයට ලක් කළ හැකියි

2008 ජූලි 26 වන දින අහමදාබාද්හි නේවාසික ප්‍රදේශ, වෙළඳපල ස්ථාන, පොදු ප්‍රවාහනය සහ රෝහල් හරහා පැයක් ඇතුළත බෝම්බ 20ක් පමණ පුපුරා ගියා.

ඉන්දියන් මුජාහිදීන් නම් නාඳුනන ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් සමහර මාධ්‍ය ආයතන වෙත යවන ලද විද්‍යුත් තැපෑලකින් ප්‍රහාරවල වගකීම භාරගෙන තිබුණා

පූනේ හි ජර්මානු බේකරියකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබූ සිද්ධියට  චෝදනා එල්ල වූ ඉන්දීය රජය 2010 දී මෙම කණ්ඩායම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර එය තහනම් කළා.

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට අනුව, නඩු විභාගය අතරතුර පැමිණිල්ල විසින් සාක්ෂිකරුවන් 1,163 දෙනෙකු විභාග කර තිබෙනවා

විපතට පත් වූවන්ගේ පවුල්වලට රුපියල් 100,000 (පවුම් 982; ඩොලර් 1,337) බැගින් වන්දි ලබා දෙන ලෙස ද විනිසුරු ඒආර් පටෙල් නියෝග කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38