spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අවදානමක් නැහැ

ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව මුහුදුබඩ ප්‍රදේශවල ජනතාවගේ ජන ජීවිතයට ඉන් බලපෑමක් නොමැති බව සඳහන්.

අද (30) පෙරවරු 10.49ට මෙම භූ කම්පනය හටගෙන තිබූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පැවසුවේ.

Update, 2023-12-30, 11.39 AM

ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

මෙම භූ කම්පනයයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.6ක් ලෙස සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට වේලාවෙන් අද (30) පෙරවරු 10.49ට මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ වෙරළබඩ ජනතාවට මේ පිළිබඳ අවධානයෙන් පසු වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කරනවා.

1 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
7
+1
9
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?