spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි සති දෙක මෙරටට ඉතාමත් අවදානම් – මරණ අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකියි

පවතින කොවිඞ් තත්ත්වය අනුව ඉදිරි සති දෙක මෙරටට ඉතාමත් අවදානම් සහ තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වෙසක් සතිය අවසන් වන තුරුම සංචරණ සීමා ඉතා තදින් ක‍්‍රියාත්මක කළ යුතු බවත් සෞඛ්‍ය නීතීන්ට අනුගතව එය පවත්වාගෙන යෑමට අපොහොසත් වන්නේ නම් රෝගීන්ගේ සංඛ්‍යාව මෙන්ම සිදුවිය හැකි මරණ සංඛ්‍යාවද අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරනවා.

පසුගිය මාස දාහතර තුළ මෙරටින් කොවිඞ් ආසාදිතයින් ලක්‍ෂයක් පමණ වාර්තා වුවත් පසුගිය මාස දෙකහමාරක කාල සීමාවේදී රෝගීන් හතළිස් දහස ඉක්මවා වාර්තා වීම සෞඛ්‍ය අංශයට දැරිය හැකි ධාරිතාව ඉක්මවා යෑමක් බවත් හෙතෙම සඳහන් කළා.

කොරෝනා රෝග ව්‍යාප්තිය සමග පළමු මාස 13-14 අතර කාල සීමාවේදී මරණ 500 ක් පමණ වාර්තා වුවත් ඉකුත් මාස දෙකක කාල සීමාවේදී එම මරණ සංඛ්‍යාවම වාර්තාවීම කොවිඞ් රෝග තත්ත්වයේ ප‍්‍රබලත්වය පෙන්නුම් කරන්නක් බවද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?