ඉදිරි සති තුන තීරණාත්මකයි – යුද හමුදාපති

ඉදිරි සති තුනක කාලය තීරණාත්මක කාලසීමාවක් නිසා අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැකියා සඳහා පැමිණෙන සියලුම දෙනා මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනයකරමින් කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකළ යුතුබව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනවා

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ,

“විශේෂයෙන්ම පසුගිය සතිය පුරාවට ජනතාව ඒකරාශී වූ ස්ථානවල අපි දැක්කා බහුතරයක් සෞඛ්‍යාරක්ෂිතව හැසිරෙනවා. නමුත් එසේ නොවන සුළු පිරිසක් ඉන්න පුළුවන්. ඔබට මතක ඇති මෙරට දෙවැනි රැල්ලක් ආවේ ලංකාවේ එක් පුද්ගලයෙකුගෙන්. එය අනූදහසකට වැඩි ආසාදිතයින් පිරිසක් දක්වා ලංකාව පුරා වර්ධනය වුණා. එවැනි අත්දැකීමක් අපිට තියෙනවා. විශේෂයෙන්ම විදේශ රටවල කොවිඩ් ආසාදිතයින් ඉතා වැඩි අගයක් ගන්නා අවස්ථාවක තමයි අපි මේ රටකොවිඩ් වෛරසයෙන් ආරක්ෂාකරගෙන කොවිඩ් වෛරසය පාලනය කරගෙන කටයුතු කරන්නේ.

ඊයේ සියලුම දෙනා අලුත් අවුරුදු නිවාඩුවෙන් පස්සේ රැකී රක්ෂාවලට පිටත් වුණා. ඔවුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඉදිරි සති දෙක තුන තීරණාත්මක කාලසීමාක් නිසා අනිවාර්යෙන්ම මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියන දේ. ඒ තුළින් යමෙක් නොදන්නා කමින් හෝ කොවිඩ් ආසාදිතයෙකු ආශ්‍රය කරලා තිබුණොත් තවත් විශාල පිරිසකට වෛරසය පැතිරී යාම වැළකෙනවා.

අලුත් අවුරුදු සමයේදී අපි විශාල වශයෙන් සීමාවන් පැනවීම සිදු කළේ නැහැ. යම් සීමාවන් පැනවීමක් සිදුකලේ එය අත්‍යවශ්‍යය කාරණයක් නිසා. ඒ සිමාවල් අභිබවා ගිහින් ඇතැමුන් ඒ නිදහස භුක්ති විඳින්න උත්සාහ කළා. මංගල සාදයන් ආදියට පනවා තිබෙන සීමාවන් තවමත් අපි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. වශයෙනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38