ඉදිරි පැය 24 අවදානම්

ගංගා 09ක් ආශ්‍රිතව ජනතාවට විශේෂ දැනුම් දෙයි ඉදිරි පැය 24ක කාලය තුලදී ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. එය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන්.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ විටින් විට තද වැසි සමග පැයට කිලෝමීටර් 60-70ක් වේගයෙන් හමා යන තද සුළං අපේක්ෂා කරන බැවින් හෙට හවස් කාලයේ සිට නැවත දැනුම්දෙන තුරු ඉහත මුහුදු ප්‍රදේශයේ ධිවර සහ නාවුක කටයුතු වැලකි සිටින ලෙස දැනුම් දී සිටිනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්වය අනුව දිවයිනේ ප්‍රධාන ගංඟා නවයක් ආශ්‍රිතව ඉදිරි දිනවලදී ගං වතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කැලණි, කළු, නිල්වලා, ගිං සහ බෙන්තර යන ගංගා ද්‍රෝණි සහ දැදුරු, මහ, අත්තනගලු සහ කලා යන ඔයවල් ආශ්‍රිතව ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති පූර්ව ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ වන විට පවතින වැසි තත්වය, ඉදිරි දිනවලදී ඇතිවිය හැකි වර්ෂාපතනයන් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කර ඇති අනතුරු ඇඟවීම් සහ දිවයිනේ ජලාශවල දැනට පවතින ජලධාරිතාවය අනුව මෙම අනතුරු ඇඟවීම කර ඇතැයි වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර සඳහන් කර සිටියේ.

වැසි තත්වය අඛණ්ඩව පැවතියහොත් මෙම ගංගා ආශ්‍රිතව සැලකිය යුතු ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46