spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරියේදී ඔන්ලයින් ගේම් ගහන්නත් බැරි වෙන ලකුණු

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් “ලක්මව දියණියෝ” ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාර දී තිබේ.

අද (14) උදෑසන ඔවුන් එම ලිපිය භාර දුන් බව එහි ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඇය,

“මේ විනාශ වෙලා යන්නේ, සියදිවි නසා ගන්නේ අපේ රටේ අනාගත පරපුර. දුක් විඳලා අම්මලා හදපු දරුවෝ තමයි මේ අකාලයේ මියැදෙන්නේ. ඒ නිසා අපි මේ ලිපිය මඟින් භාරදුන්නේ, ඉල්ලීමක් කරේ, කරුණාකරලා විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවට වගකීමක් තියෙනවා අදාළ බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා දරුවන් ව මේකෙන් මුදවා ගන්න. මොකද මාර්ගගත වීඩියෝ ගේම්වලට වැට බඳින්න ඒ අයට පුළුවන්. ඒවාට බාධා කරන්න, ඒවා අපේ රටට එන එක නවත්වන්න ඒ අයට පුළුවන්. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා වහාම ක්‍රියාත්මක වෙන්න. මේ මියයන්නේ අපෙන් වෙන්වෙලා යන්නේ, අපේ රටේ අනාගත පරපුර. “

පසුගිය දා බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔන්ලයින් ගේම් සඳහා ඇබ්බැහි වු 16 හැවිරිදි දරුවෙක් සියදිවි නසා ගනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?