ඉදිරියේදී ඔන්ලයින් ගේම් ගහන්නත් බැරි වෙන ලකුණු

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් “ලක්මව දියණියෝ” ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාර දී තිබේ.

අද (14) උදෑසන ඔවුන් එම ලිපිය භාර දුන් බව එහි ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඇය,

“මේ විනාශ වෙලා යන්නේ, සියදිවි නසා ගන්නේ අපේ රටේ අනාගත පරපුර. දුක් විඳලා අම්මලා හදපු දරුවෝ තමයි මේ අකාලයේ මියැදෙන්නේ. ඒ නිසා අපි මේ ලිපිය මඟින් භාරදුන්නේ, ඉල්ලීමක් කරේ, කරුණාකරලා විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවට වගකීමක් තියෙනවා අදාළ බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා දරුවන් ව මේකෙන් මුදවා ගන්න. මොකද මාර්ගගත වීඩියෝ ගේම්වලට වැට බඳින්න ඒ අයට පුළුවන්. ඒවාට බාධා කරන්න, ඒවා අපේ රටට එන එක නවත්වන්න ඒ අයට පුළුවන්. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා වහාම ක්‍රියාත්මක වෙන්න. මේ මියයන්නේ අපෙන් වෙන්වෙලා යන්නේ, අපේ රටේ අනාගත පරපුර. “

පසුගිය දා බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔන්ලයින් ගේම් සඳහා ඇබ්බැහි වු 16 හැවිරිදි දරුවෙක් සියදිවි නසා ගනු ලැබීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32