ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ චලනයක්

ඊසානදිග ඇෆ්ගනිස්ථානයට රිච්ටර් මාපකයේ 6.4ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. එහි කම්පනය කාබුල් ඇතුළු රට පුරා නගර කිහිපයකට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කඳුවැටියේ පිහිටා ඇති බඩක්ෂාන් පළාතේ කිලෝමීටර් 206ක් ගැඹුරින් ප්‍රාදේශීය වේලාවෙන් පස්වරු 2.50ට භූමිකම්පාව වාර්තා වී තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කාබුල්, ටකාර්, ලාග්මන්, කුනාර් සහ ඒ අවට පළාත්වලට මෙන්ම නවදිල්ලිය ඇතුළු උතුරු ඉන්දියාවේ සහ උතුරු පකිස්ථානයට ද භූමිකම්පාව තදින් දැනී ඇතැයි සඳහන්.

මෙතෙක් එම දිස්ත්‍රික්කයේ සහ ඒ අවට ප්‍රදේශවල ජීවිත හානි පිළිබඳ වාර්තා වී නොමැති අතර, යමක් ඇත්නම් එය වාර්තා කරන බවයි බඩක්ෂාන් පළාතේ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ මොහොමඩ් කම්ගර් කියාසිටියේ.

ඇෆ්ගනිස්තානයට නැගෙනහිරින් පිහිටි හින්දු කුෂ් කඳුවැටියේ නිතර භූමිකම්පා සිදුවන අතර එය ඉහළ භූ කම්පන ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක්.

මෙම කම්පන බොහෝමයක් මධ්‍යස්ථ වුව ද, ඇෆ්ගනිස්ථානයේ ඇති දුර්වල යටිතල පහසුකම් හේතුවෙන් ඒවා බොහෝ විට සැලකිය යුතු හානියක් සිදු කරනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා අස්ගනිස්ථානයේ බටහිර ප්‍රදේශයේ සිදු වූ රික්ටර් පරිමාණයේ 6.3ක භූමිකම්පාවක් සහ සැලකිය යුතු තීව්‍රතාවයකින් යුත් පසු කම්පන හේතුවෙන් 1,000 කට වැඩි පිරිසක් මිය ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38