ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති වශයෙන් කටයුතු කළ සිසිර විජේවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

මේ පිළිබඳ ව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ද සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇති බවයි දක්නට ලැබෙන්නේ.

මෙම ඉල්ලා අස්වීමට හේතුව කුමක් දැයි වාර්තා වන්නේ නැහැ.

සිසිර විජේවර්ධන මහතා මීට පෙර සුප්‍රසිද්ධ සමාගම් කිහිපයක ම කළමනාකාරීත්වය ද දැරූ පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?