spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති හරීන්ට ජාත්‍යන්තර තනතුරක්

2023 සිට 2025 දක්වා කාලය සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) දකුණු ආසියානු කොමිසමේ උප සභාපතිවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.

අමාත්‍යංශය සඳහන් කළේ මෙම පත් කිරීම තුලින් කලාපය තුළ සංචාරක ව්‍යාපාරය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම ඉස්මතු කරන බවයි.

කාම්බෝජයේ නොම් පෙන් හි පැවති දකුණු ආසියාව සඳහා වන UNWTO කොමිසමේ 59 වන රැස්වීමේදී හරින් ප්‍රනාන්දු මහතාගේ මෙම පත් කිරීම පිළිබඳ නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

උප සභාපති භූමිකාවට අමතරව, සංචාරක හා තිරසාරත්වය පිළිබඳ කමිටුවේ මෙන්ම සංචාරක හා තරඟකාරීත්වය පිළිබඳ කමිටුවේ නියෝජිතයා ලෙස ද ශ්‍රී ලංකාව තේරී පත් වී ඇතැයි සඳහන්.

ලබන ඔක්තෝම්බර් 16 සිට 20 දක්වා උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හිදී පැවැත්වීමට නියමිත UNWTO හි 25 වන මහා සභා රැස්වීමේදී මෙම පත්වීම නිල වශයෙන් අනුමත කිරීම සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?