ඇමති හරීන්ට ජාත්‍යන්තර තනතුරක්

2023 සිට 2025 දක්වා කාලය සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) දකුණු ආසියානු කොමිසමේ උප සභාපතිවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.

අමාත්‍යංශය සඳහන් කළේ මෙම පත් කිරීම තුලින් කලාපය තුළ සංචාරක ව්‍යාපාරය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම ඉස්මතු කරන බවයි.

කාම්බෝජයේ නොම් පෙන් හි පැවති දකුණු ආසියාව සඳහා වන UNWTO කොමිසමේ 59 වන රැස්වීමේදී හරින් ප්‍රනාන්දු මහතාගේ මෙම පත් කිරීම පිළිබඳ නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

උප සභාපති භූමිකාවට අමතරව, සංචාරක හා තිරසාරත්වය පිළිබඳ කමිටුවේ මෙන්ම සංචාරක හා තරඟකාරීත්වය පිළිබඳ කමිටුවේ නියෝජිතයා ලෙස ද ශ්‍රී ලංකාව තේරී පත් වී ඇතැයි සඳහන්.

ලබන ඔක්තෝම්බර් 16 සිට 20 දක්වා උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හිදී පැවැත්වීමට නියමිත UNWTO හි 25 වන මහා සභා රැස්වීමේදී මෙම පත්වීම නිල වශයෙන් අනුමත කිරීම සිදු කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56