spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති පියල්ගේ මරණ තර්ජන නිසා සභාපති දුලාන් ගෙදර යයි

රාජ්‍ය ඇමැති පියල් නිශාන්තගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති දුලාන් හෙට්ටිආරච්චි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා තමාට තර්ජනය කරමින් විවිධ අවස්ථාවල අල්ලස් මුදල් ඉල්ලන බව එම ලිපියෙන් දන්වා ඇතැයි සඳහන්.

ඒවා ලබා නොදුන් විට ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් මරණීය තර්ජන කරන බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සීමාසහිත සී නෝර් පදනම දිගින් දිගමට පාඩු ලබන තත්ත්වයක තිබිය දී තමා සභාපති ධුරය බාරගත් බවත් පියල් නිශාන්ත එම ආයතනයට සේවකයන් විසි දෙනෙකුට අලුතෙන් පත්වීම් දුන් බවත් හෙට්ටිආරච්චි ජනාධිතිවරයාට යවා ඇති ලිඛිත පැමිණිල්ල මඟින් අවධාරණය කර තිබෙනවා.

රාජ්‍ය ඇමැතිවරයා ඔහුගේ ආසනයේ ඡන්දදායකයන්ට බෙදාදීමට බව කියමින් රුපියල් දස දහසක් වටිනා බඩු මලු ඉල්ලා සිටින අතර අතැම් අවස්ථාවල බඩු මලු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා තර්ජනය කරන බවද එහි දැක්වෙනවා.

රාජ්‍ය ඇමැතිවරයාගේ මෙම තර්ජන හේතුවෙන් තමා බලවත් කලකිරීමකට පත්ව රාජකාරී කටයුතු කර ගැනීමට අපහසු වී ඇති බවත්, මේ හේතුවෙන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගත් බවත් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපියේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
11
+1
11
+1
2
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?