ඇමති පියල්ගේ මරණ තර්ජන නිසා සභාපති දුලාන් ගෙදර යයි

රාජ්‍ය ඇමැති පියල් නිශාන්තගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති දුලාන් හෙට්ටිආරච්චි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා තමාට තර්ජනය කරමින් විවිධ අවස්ථාවල අල්ලස් මුදල් ඉල්ලන බව එම ලිපියෙන් දන්වා ඇතැයි සඳහන්.

ඒවා ලබා නොදුන් විට ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් මරණීය තර්ජන කරන බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සීමාසහිත සී නෝර් පදනම දිගින් දිගමට පාඩු ලබන තත්ත්වයක තිබිය දී තමා සභාපති ධුරය බාරගත් බවත් පියල් නිශාන්ත එම ආයතනයට සේවකයන් විසි දෙනෙකුට අලුතෙන් පත්වීම් දුන් බවත් හෙට්ටිආරච්චි ජනාධිතිවරයාට යවා ඇති ලිඛිත පැමිණිල්ල මඟින් අවධාරණය කර තිබෙනවා.

රාජ්‍ය ඇමැතිවරයා ඔහුගේ ආසනයේ ඡන්දදායකයන්ට බෙදාදීමට බව කියමින් රුපියල් දස දහසක් වටිනා බඩු මලු ඉල්ලා සිටින අතර අතැම් අවස්ථාවල බඩු මලු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා තර්ජනය කරන බවද එහි දැක්වෙනවා.

රාජ්‍ය ඇමැතිවරයාගේ මෙම තර්ජන හේතුවෙන් තමා බලවත් කලකිරීමකට පත්ව රාජකාරී කටයුතු කර ගැනීමට අපහසු වී ඇති බවත්, මේ හේතුවෙන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගත් බවත් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපියේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27