spot_imgspot_img

ආසියානු කුසලානය නරඹන්න එන සංචාරකයින් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කර ගනිමින් සංචාරක අමාත්‍යාංශය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් සැලසුම් කර තිබෙනවා.

ආසියානු කුසලාන තරඟාවලියේදී විශේෂයෙන්ම ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟ සඳහා ශ්‍රී ලංකාවට සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙනු ඇති බවටයි සංචාරක අමාත්‍යාංශය අපේක්ෂා කරන්නේ.

තරඟාවලියේදී පැමිණෙන සංචාරකයින් සඳහා පිරිනැමෙන විවිධ ප්‍රවර්ධන කටයුතු සහ සංචාරක පැකේජ පිළිබඳව සාකච්ඡාවක් ඊයේ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත් වුණා.

මෙම සාකච්ඡාවට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සභාපති චාලක ගජබාහු මෙන්ම ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් ද එක්ව සිටියා.

ආසියානු කුසලානය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ ක්‍රිකට් තරඟාවලිය සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදී ඇති බවයි.

පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා සංචාරක අමාත්‍යාංශය ඊට අදාළ අනෙකුත් උත්සව සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?