ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ලෝකඩ පදක්කම දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (03) හැකියාව ලැබුණා.
ඒ, ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින්.
මෙම තරගය බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ලකුණු 63කින්.
ජපානයේ නිෂින් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් තුළ ලකුණු 165ක් ලකුණු පුවරුවට එක් කළා.
අනතුරුව ලකුණු 166ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ට පන්දුවාර 17යි පන්දු 03ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 102ක් පමණයි.
ඒ, අනුව මෙම තරගය ලකුණු 63කින් ජයගත් ශ්‍රී ලංකාව 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වුණා.










