ආර්ථික පසුබෑම මධ්‍යයේ පකිස්ථානයේ මුළු ජනගහනය නව සංධිස්ථානයකට

පාකිස්තානය පදනම් කරගත් මූලික ප්‍රතිඵලවලට අනුව පාකිස්තානයේ මුළු ජනගහනය 249,566,743 (මිලියන 249.566) වෙත ළඟා වී තිබෙන බව ප්‍රධාන සංගණන කොමසාරිස් සහ ප්‍රධානියා නයිමූස් සෆාර් පවසනවා.

2023 වසර සඳහා පැවති හත්වන ජාතික සහ ප්‍රථම  ඩිජිටල් ජනගහන සංගණනය මගින්  මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි ඔහු සඳහන් කළේ. සංගණන කොමසාරිස්වරයා මාධ්‍ය හමුවක් අමතමින්  කියා සිටියේ පළාත අනුව පංජාබ් ජනගහනය 127,474,000 (මිලියන 127.4) ඉක්මවා වඩාත් ජනාකීර්ණ පළාත බවට පත්ව තිබෙන බවයි. සින්ද්හි ජනගහනය 57,931,000 (මිලියන 57.93) ඉක්මවා තිබෙනවා.

ෆෙඩරල් අගනුවර වන ඉස්ලාමාබාද්හි ජනගහනය  ළඟා වී ඇත්තේ 2,359,422 (මිලියන 2.35) දක්වායි.

සංගණනයට අනුව පසුගිය සංගණනයේ සිට පකිස්ථානයේ ජනගහනය මිලියන 49කින් වැඩි වී තිබෙනවා. සංගණන කාල සීමාව පුළුල් කිරීමෙන් තවත් මිලියන 10.7ක ජනතාවක් අතිරේකව ගණන් කළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ජූනි මාසයේදී ප්‍රතිඵල නිකුත් වූ පසු, මෙම දත්ත මැතිවරණය සඳහා භාවිත කරන ලෙස පොදු අවශ්‍යතා කවුන්සිලයෙන් (CCI) ඉල්ලීමක් කරන බවයි  ප්‍රධාන සංගණන කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.සංගණනය සම්බන්ධයෙන් පැමිණිලි මිලියන 0.2කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

දේශපාලන පක්ෂ ඇතුළු බොහෝ පැමිණිලිවලට විසඳුම් ලබාදී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. සමස්ත පිරිවැය සම්බන්ධයෙන් ගත් කල, සංගණන කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ පළමු ඩිජිටල් සංගණනය සඳහා මුළු වියදම රුපියල් බිලියන 34 ඉක්මවන බවයි.

අධීක්ෂණ උපකරණ පුවරු සහ දත්ත ඇතුළත් කිරීම සඳහා ටැබ්ලට් ප්‍රවේශය පළාත්, දිස්ත්‍රික් සහ බල ප්‍රදේශ මට්ටමින් සපයනු ලබන සියලුම සේවාවන් 2023 මැයි 22 මධ්‍යම රාත්‍රිය වන විට වසා දැමුණා.අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව සත්‍යාපන ක්‍රියාවලිය  2023 මැයි 30 වන විට සම්පූර්ණ කිරීමට නියමිතව තිබෙනවා.

පාකිස්ථානයේ ආර්ථිකය මේ වන විට පත්ව තිබෙන්නේ අර්බුදයකටයි. එහෙත් අතීතයේ පැවති දෝෂ සහිත ප්‍රතිපත්ති හේතුවෙන් ඇති වූ අවුල් සහගත තත්ත්වයට විසඳුම් සෙවීමට හෝ අරමුදල් කාර්ය මණ්ඩලය සමඟ වඩාත් ඵලදායී ලෙස සාකච්ඡා කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුමක් ඇති බවක් පෙනෙන්නට නැහැ. පකිස්ථානය ඒ වෙනුවට කියා සිටියේ 2023 ජූලියෙන් පසු තම බාහිර බැඳීම් ඉටු කිරීමේ හැකියාව තමන්ට ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23