ආරක්‍ෂක අමාත්‍යාංශ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛණයේ උපදෙස් ප්‍රකාරව ක්‍රියාත්මක වන 2025 -2029 දුෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සිදුවන සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම මේවන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීම ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් අද (20) දින ආරක්‍ෂක අමාත්‍යාංශය පරිශ්‍රයේ දී සිදු වුණා.

මෙවැනි ඒකකයක් පිහිටුවීමේ මුලික අරමුණ වන්නේ ආයතනයන් තුළ දුෂණය අවම කිරීම සහ සුපිළිපන් බව ඉහළ නැංවීම වන අතර, මෙමගින් දූෂණ අවදානම් හඳුනාගැනීම, අවදානම් තක්සේරු කිරීම, ආරක්‍ෂක විධිවිධාන වැඩි දියුණු කිරීම වැනි කරුණු අධීක්‍ෂණය කෙරෙන අතර සමස්ත ක්‍රියාවලිය පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත හා අල්ලස් සහ දුෂණ මර්දන කොමිෂන් සභාව වෙත වාර්ෂිකව ඉදිරිපත් කිරීම කළ යුතු වනවා.

මෙම ඒකකය පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සහයදීම රාජ්‍ය නිලධාරීන් වන අප සියළු දෙනාගේ පුර්ණ වගකීමක් වන බවත්, බලාපොරොත්තු වන පරිදි නිසි අයුරින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් ඇති කරගත හැකි සාර්ථක ප්‍රතිඵල පිළිබඳව දැනුවත් කිරීමට ද, ආරක්‍ෂක ලේකම්වරයා විසින් කටයුතු සිදු කෙරුණා.

ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය වෙත මෙම වැඩසටහන හඳුන්වාදීම මෙම ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ප්‍රියංගනී හේවාරත්න මහත්මිය විසින් සිදු කරන ලද අතර, මෙම අවස්ථාවට ජාතික බුද්ධි ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් – ක්‍රමසම්පාදන හා ආරක්‍ෂක අමාත්‍යංශයේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12