ආයෝජන ආරම්භ කිරීමට ඉඩම් නිදහස් කිරීමේ ගැටලු ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

මෙරට ආයෝජන ආරම්භ කිරීමේදී ආයෝජකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ඉඩම් කඩිනමින් නිදහස් කර ගැනීමේදී පවතින ගැටලු පිළිබඳව ‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමු වී තිබෙනවා.

එම කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවසථාවේදී යි මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇත්තේ.

සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශය යන ආයතන නියෝජනය කරන නිලධාරීන් මෙම කාරක සභා රැස්වීමට කැඳවා තිබුණා.

මෙරට ඉඩම් නිදහස් කිරීමේදී පවතින සංකීර්ණ ක්‍රමවේදය හේතුවෙන් ඒ සදහා බොහෝ කාලයක් ගතවීමත් ආයෝජකයන් අපහසුතාවට පත්වීමත් බරපතල ගැටලුවක් බවයි මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ.

එම නිසා අයෝජන අවස්ථා පහසුකර ඇති කලාපීය වෙනත් රටවලට එකී ආයෝජන ඇදීයාම වැළැක්විය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

රජයට අයත් මෙරට ඉඩම් හිමිකාරීත්වය සහ ඒවායේ නෛතික කටයුතු සම්බන්ධයෙන් ආයතන ගණනාවක් අණපනත් කිහිපයක් යටතේ වෙනම පැවතීමත්, එම ආයතන අතර අන්තර් සම්බන්ධයක් නොමැති වීමත් බරපතල ගැටලුවක් බවත් කාරක සභාවේදී සාකච්ඡා කෙරුණා.

මේ නිසා ඉඩම් වර්ගීකරණය සිදුවිය යුත්තේ එම ඉඩම් පාලනය වන ආයතන අනුව නොව ආයෝජනයට සුදුසු එක් එක් ක්ෂේත්‍රවලට අදාළ වර්ගීරණයක් තුළ බවයි කාරක සභාව විසින් අවධාරණය කළේ.

එසේම මෙරට ඉඩම් පිළිබද නිවැරදි දත්ත සම්පූර්ණකර නොමැති වීමේ ගැටලුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

මේ අනුව නිවැරදි දත්ත නූතන ඩිජිටල් තාක්ෂණය තුළ එක් ස්ථානයකට ගෙන ඉතාම කෙටි කාලයක් තුළ ආයෝජනවලට ගැළපෙන ඉඩම් නිදහස් කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි කාරක සභාවේ අදහස වූයේ.

එසේම පවතින නෛතික ප්‍රතිපාදන තුළ වුවද ආයෝජන සදහා අවශ්‍ය ඉඩම් ලබාදීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, අදාළ ආයතනවල නිලධාරීන් කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ද කාරක සභා සාමාජිකයන් පෙන්වා දෙනු ලැබුවා.

එසේම මෙහිදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් ද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය ඉහළ නැංවීමට ක්‍රියාත්මක ක්‍රමවේදය කාරක සභාව හමුවේ සවිස්තරාත්මකව පැහැදිළි කිරීම සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයින් වෙනුවෙන් දහම් කතිකාවක් | දැවෙන සිතට දම් සිසිලක් | සජීවී විකාශය 🔴
00:00
Video thumbnail
කාලසටහනක් නිසා ලංගම ප්‍රයිවට් බස් දෙගොල්ලෝ ලොකු අවුලක්
08:06
Video thumbnail
පිටකොටුවේ වැසිකිළි ගාස්තු ජාවාරම
00:50
Video thumbnail
පාසලට යන්න පිටත් වෙලා බස් රථයට නැග්ග ගුරුවරියක් අතුරුදන්
01:09
Video thumbnail
සජිත්ට චාන්ස් එකක් දෙන්න ඕනේ - 2029 ජනපති සජිත්..?
04:40
Video thumbnail
තිස්ස ලුණු ඇඹුල් ඇතුව හොදටම දෙසයි - මාලිමාවට තියෙන අසනීපේ අපිට හොද කරන්න පුළුවන් එකක් නෙවෙයි
05:45
Video thumbnail
ආශු ආණ්ඩුවේ ගුණ වයයි - ආණ්ඩුවට කාලයක් දෙන්න ඕනේ
04:42
Video thumbnail
මෙන්න තවත් රජ ගේමක් - සාක්ෂි එක්ක හෙළිවෙයි - බලධාරීන්ගේ අවධානයට
08:43
Video thumbnail
මොළයක් නැති හරක් ද.. නාමල් කෝමාවට ගිහින් ද..?
04:38
Video thumbnail
අම්මෝ කාගේද මේවා..? සුපිරි යතුරුපැදි රැසක් ගබඩාවක් තුළ තිබි සොයාගැනේ
01:52


?