ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ජාත්‍යන්තර කාර්මික ප්‍රදර්ශනයක්

ශ්‍රී ලංකාවේ අපනයන අංශය නව ප්‍රගතියක් පෙන්නුම් කරන බවත්, සියලුම දිස්ත්‍රික්කවල අපනයනකරුවන් සමඟ කටයුතු කරමින්, නිෂ්පාදන සංවර්ධනය, වෙළඳපොළ ප්‍රවේශය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා සහාය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගියදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායකගේ සභාපතිත්වයෙන් පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් මේ බව සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකාවේ අපනයන දශකයකට ආසන්න කාලයක් ඇමරිකානු ඩොලර් බිලියන 13-15 අතර පවතින නමුත් මෑත කාලීන ප්‍රතිසංස්කරණ සහ ඉලක්කගත වැඩසටහන් මගින් ඉහළ වර්ධනයක් කරා ගමන් කිරීමට හැකිවූ බව අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කළා.

අපනයන සංවර්ධන මණ්ඩලයේ නව ජාතික උපාය මාර්ගික සැලැස්ම අනුව ප්‍රධාන උපදේශක ආයතන නැවත සක්‍රීය කර, කර්මාන්ත සහ විදේශීය දූත මණ්ඩල යන දෙකටම පැහැදිලි කාර්ය සාධන ඉලක්ක ලබා දී ඇති බව ඔවුහු තවදුරටත් පවසා සිටියා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, අපනයනකරුවන්ගෙන් 78% ක් වන නමුත් මුළු අපනයන ආදායමට සුළු කොටසක් පමණක් දායක වීම ඔවුන්ගෙන් දායක වීම නිසා ඔවුන්ගේ සහභාගීත්වය වැඩි කිරීමට ප්‍රමුඛතාවයක් ලබා දියයුතු බවත් මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඒ අනුව, ප්‍රාදේශිය සංවර්ධන වැඩසටහන් සහ වැඩිදියුණු කළ සහාය සේවා හරහා මෙම දායකත්වය සැලකිය යුතු ලෙස පුළුල් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරන්නේ කෙසේද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා,

විශාල ගැනුම්කරුවන් සහ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ප්‍රධාන ජාත්‍යන්තර කාර්මික ප්‍රදර්ශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව සූදානම් වන බව ද මෙහිදී අනාවරණය වුණා.

ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව මෑත වසරවල ශක්තිමත් කාර්ය සාධනයක් සනිටුහන් කරමින් අපනයන ආදායම ඩොලර් බිලියන 16-17 ඉක්මවන තත්ත්වයකට ශක්තිමත් වෙමින් සිටින බව නිලධාරීන් සඳහන් කළ අතර ඩොලර් බිලියන 20 ක අපනයන ඉලක්කයක් කරා යන ගමනේදී අඛණ්ඩ ප්‍රතිසංස්කරණ, වැඩිදියුණු කළ වෙළඳපල ප්‍රවේශය සහ ශක්තිමත් කර්මාන්ත සහයෝගීතාව අත්‍යවශ්‍ය වනු ඇතැයි ද ඔවුන් ප්‍රකාශ කළා.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජීව සේනසිංහ, සුජිත් සංජය පෙරේරා, චතුර ගලප්පත්ති, සෙල්ලතම්බි තිලකනාදන්, චමින්ද හෙට්ටිආරච්චි, නිශාන්ත ජයවීර, චන්දන සූරියආරච්චි සහ තිළිණ සමරකෝන් යන අය ද , අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීන් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18