ආපන ශාලාවක මුළුතැන්ගෙය තුළදී සිරුරට ගිනි ඇවිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ආපන ශාලාවක මුළුතැන්ගෙය තුළදී සිරුරට ගිනි ඇවිලීමෙන් පුද්ගලයෙකු අද (14) උදෑසන 8 ට පමණ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙසේ සිරුරට ගිනි ඇවිලීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ලිඳුල ලැමරියර් වතු යායේ පදිංචි, 74 හැවිරිදි තිදරු පියෙක්.

මිය ගිය පුද්ගලයාලිඳුල නගරයේ ආපනශාලාවක කොකියෙකු වශයෙන් සේවය කල බවත්, අළුයම ආපන ශාලාව වෙත පැමිණි එම පුද්ගලයා ආහාර පිසමින් සිටින අවස්තාවේ සිරුරට ගිනි ඇවිලී මෙන් ආපනශාලාවේ උඩු මහලේ පිහිටි මුළුතැන්ගෙහි තුල මියගොස් ඇති බවට සැකකරන බවත් ලිඳුල පොලිසිය සඳහන් කළා.

සිරුරට ගිනි ඇවිලෙන අවස්තාවේ ආපන ශාලාවේ කිසිවෙක් සිට නැහැ .

ආපනශාලාවේ හිමිකරු වෙලඳසැලට පැමිණ පරීක්ෂා කරන අවස්තාවේ කොකියා සිරුරට ගිනි ඇවිලීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බවට පොලිසිය වෙත දැනුම් දී ඇති බවයි මරණය පරික්ෂණය පවත්වන ලිඳුල පොලිසිය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !